The Aeronauts (2019) Sinhala Review - සිනමාව සිංහලෙන්

Breaking

Adverise with us

test banner

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Friday, January 17, 2020

The Aeronauts (2019) Sinhala Review


2019 දෙසැම්බර් මස 06 වන දින ප්‍රථම වරට ඇමරිකාවේ නිකුත් කළ මෙම චිත්‍රපටය Tom Harper විසින් අධ්‍යක්ෂණය කොට ඇත. චිත්‍රපටය දිනා ගෙන තිබෙන මනාප දිහා බැලුවොත්, IMDb අගය 6.6 ක් වන අතර කුණු තක්කාලි 72% ක් දිනාගෙන ඇත.එසේම ගූගල් පරිශීලකයින්ගෙන් 91% ගේ ප්‍රසාදයට පත් වෙන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබී ඇත.එසේම රංගනයෙන් Eddie Redmayne(ජේම්ස් ග්ලේෂර්), Felicity Jones(ඇමීලියා රෙන්), Himesh Patel(ජෝන් ටෘ), Tom Courtenay(ආතර් ග්ලේෂර්), Phoebe Fox(ඇන්ටෝනියා) වැනි අය සහය වී ඇත.ඒ වගේම මීට පෙර Eddie Redmayne සහ Felicity Jones ප්‍රධාන චරිත ලෙස The Theory of Everything චිත්‍රපටයෙන් මුණගැසී තිබෙනු ඇත.මිනිත්තු 100ක් පුරාවට දිවයන මෙම චිත්‍රපටය ලබා ගෙන තිබෙන Box Office ආදායම $2,827,298 ක්ය. 

කෙටියෙන් කිව්වොත් චිත්‍රපටය පුරා දිව යන්නේ ගුවන් යාත්‍රාවක් පිළිබඳවය.නමුත් කතාවෙන් දැනගන්න තිබෙන දැනුම අති විශාලයි.මොකද කියනවා නම්, මේ චිත්‍රපටය සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිර්මාණය කර තිබෙන නිසා.සිනමා ක්ෂේත්‍රයේ බොහෝ චිත්‍රපට අප දැකලා තියෙනවා විද්‍යා ප්‍රබන්ධ මගින් නිර්මාණය කළ චිත්‍රපට.නමුත් මේ චිත්‍රපටිය ඒ පැත්තෙන් බැලුවොත් ඉතා වෙනස්ම හැරවුම් ලක්ෂ්‍යයක් ගන්නා චිත්‍රපටයකි.මෙම චිත්‍රපටය සාර්ථක වීමට බලපාන එක් උදාහරණයක් තමා චිත්‍රපටය වෙනුවෙන් යොදාගෙන තිබෙන ප්‍රධාන නළු නිළියන් දෙදෙනා.ඔබ The Theory of Everything චිත්‍රපටය නැරඹුවා නම් එතනදී ඔයාලට දැකගන්න තිබුණා Eddie Redmayneගේ ප්‍රබල රංගනය.එයින් ඔහුට ඔස්කාර් සම්මානයකට පිදුම් ලැබීමට හැකි වූ අතර මේ චිත්‍රපටයෙන්ද ඔහු කායික පැත්තෙන් ඔහුගේ චරිතයට ඔහු සාධාරණයක් සිදු කොට ඇති බව පැකිලීමකින් තොරව කියන්න පුළුවන්.ඒවගේම මේ චිත්‍රපටයේ යම් සිද්ධි දාමයන් අතරෙදි චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වන ජේම්ස් ග්ලේෂර් සහ ඇමීලියා රෙන් ගේ චරිත වල අතීතාවර්ජණයක් සිදු කිරීම තුළින් චිත්‍රපටය තව දුරටත් සාර්ථක කරගැනීමට හැකියාව ලැබී තියෙනවා. 

ඒවගේම මේ චිත්‍රපටයේ එන ගුවන් යාත්‍රාව සිදුකරන්නේ ජේම්ස් ග්ලේෂර් සහ ඇමීලියා රෙන් විසින්.උස් ගුවනේ වැඩිම උසකට ගොස් නව වාර්තාවක් ඉතිහාසයේ සඳහන් කිරීමක සිද්ධි දාමයක් තමා මේ චිත්‍රපටයේ සඳහන් වෙන්නේ. 

ජේම්ස් ග්ලේෂර්
 
නමුත් මෙම චිත්‍රපටය සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිර්මාණය කළ චිත්‍රපටයක් වුවත් ඇමීලියා රෙන් යන චරිතය චිත්‍රපටයේ සාර්ථකත්වයට යොදාගත් ප්‍රබන්ධ චරිතයකි.සත්‍ය සිදුවීමේදී මෙම ගුවන් යාත්‍රාව සිදු කර තිබෙන්නේ ජේම්ස් ග්ලේෂර් සහ හෙන්රි කොක්ස්වෙල් විසින්‍ ය. 

හෙන්රි කොක්ස්වෙල්
 
එසේම මෙම සිදුවීම 1862 සැප්තැම්බර් මස 5ස් වන දිනයේ සිදු වී ඇති බව මූලාශ්‍ර වල සටහන් වී ඇත.ඒවගේම චිත්‍රපටයේ රූගත කිරීම් වලදී Eddie Redmayne සහ Felicity Jones දෙදෙනාව ගෑස් බැලූනයකින් අහසේ අඩි 8000ක උසකට ගොස් රූගත කිරීම් කර ඇත.ඒවගේම චිත්‍රපට රූගත කිරීම් අවස්ථාවෙදී Eddie Redmayne ගේ වළලුකරෙහි උළුක්කුවක් ඇති වීම නිසා ඔහුට දවස් කිහිපයකට රූගත කිරීම් වලින් ඈත්ව කිහිලි කරු භාවිත කිරීමට සිදු වී ඇත.ඒවගේම චිත්‍රපටයේ දැක්වෙන පරිදි ගැස් බැලූනය උඩුගත කරන්නේ ලන්ඩනයේ.නමුත් රූගත කිරීම් වලදී එය සිදු කරන්නේ Wolverhampton හිදීය. 

ඒවගේම මෙහි සත්‍ය සිදුවීමෙදි හෙන්රි කොක්ස්වෙල්ගේ වයස අවුරුදු 43ක් වන අතර ජේම්ස් ග්ලේෂර්ගේ වයස අවුරුදු 53කි.නමුත් ලන්ඩනයේ රාජකීය සමූහය(Royal Society of London) පවසා සිටින්නේ චිත්‍රපටයේ හෙන්රි කොක්ස්වෙල් යන චරිතය පෙන්නුම් නොකිරීම ලැජ්ජාවට පත්විය යුතු කරුණක් බවයි. 

ar8
චිත්‍රපටයට හිමි වූ පිරිනැමීම් කිහිපයක්

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here